Zonal Education Office - Ratnapura 2022 EDSODA
EDSODA සංකල්පය යනු උපායමාර්ගික කළමනාකරණ සංකල්පයකි. |
EDSODA සංකල්පයෙන් අදහස් වන්නේ,
E - Experience - Where are we coming from ? අප පැමිණි ගමන් මඟ
D - Direction - Where we
are heading ? වර්තමානයේ ආයතනය
ගමන් කරන දිශාව
S - Situation now - Where
are we now ? වර්තමාන තත්ත්වය
O - Outcome Desire -
Where do we want to be ? අප යා යුත්තේ
කොතැනකටද?
D - Deadline - By when do
we want to be there ? අපේක්ෂිත ප්‍රතිඵල
ළඟා කර ගන්නේ කවදාද?
උපායමාර්ගික මට්ටමින් සිදුකරන කළමනාකරණ ක්‍රියාවලිය
ආයතනයක අනාගතය සැලසුම් කිරීම සඳහා භාවිතා කරනු ලබන අතර දිගුකාලීන උපාය මාර්ග
සංවර්ධනය කිරීමෙන් ආයතනයේ දියුණුව නිර්මාණය කරයි.එමෙන්ම ආයතනයක ක්‍රියාවලීන් හඳුනා
ගැනීමට සහ ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සම්පත් වෙන් කිරීමට, ඔවුන්ගේ මූලික හැකියාවන් ශක්තිමත් කිරීමට සහ සහාය
වීමටද එය උපකාරී වේ.
මා සේවය කරන ආයතනය රත්නපුර කලාප අධ්‍යාපන
කාර්යාලයයි. ඉහත සංකල්පය භාවිතා කර මගේ ආයතනය පිළිබඳව විග්‍රහයක් පහත දැක්වේ.
The management process conducted at the strategic
level is used to plan the future of an organization and creates long-term
strategies for the organization's growth. is
The institution I work for is the Ratnapura Zonal Education Office. Following is an analysis of my organization using the above concept.
E - Experience - Where
are we coming from ? අප පැමිණි ගමන්
මඟ
ශ්‍රී ලංකාවේ දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමට ප්‍රථම ප්‍රාදේශීය අධ්‍යාපන පරිපාලන කටයුතු,දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල මගින් ක්‍රියාත්මක විය.පරිපාලනමය වෙනස්වීම් හා පළාත් සභා ක්‍රමය යටතේ එක් එක් පළාතක් සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යංශය බැගින් පිහිටුවීමත් සමඟම මෙම දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල ක්‍රමයෙන් අහෝසි විය.මෙලෙස දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල අහෝසි වීමත් සමඟ කොට්ඨාස අධ්‍යාපන කාර්යාල පිහිටවනු ලැබූ අතර කළමනාකරුවෙකු,අධීක්ෂකවරයෙකු,අධ්‍යාපන සැලසුම්කරුවෙකු,පාසල හා ප්‍රජාව අතර සම්බන්ධීකාරකවරයෙකු ලෙස කටයුතු කිරීමේ වගකීම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සතු විය.
එහෙත් අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු කරලීමත්, පරිපාලන හා කළමනාකරණය ශක්තිමත් කරලීමත් සඳහා ගන්නා ලද ප්‍රතිපත්ති තීරණ මත කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවලට වඩා සවි බල ගන්වන ලද කලාප අධ්‍යාපන කාර්යාල ක්‍රමය පද්ධතියට හඳුන්වා දෙන ලදී. ඒ අනුව එක් කලාප අධ්‍යාපන කාර්යාලයක් තුළ නව කොට්ඨාස අධ්‍යාපන කාර්යාල කීපයක් (2 සිට 8 දක්වා) ස්ථාපිත කරන ලදී.
But based on the policy decisions taken to
ensure the quality of education and to strengthen administration and
management, the system of regional education offices was introduced into the
system, which was more empowered than the divisional education offices.
Accordingly, several new divisional education offices (from 2 to 8) were
established within one Zonal education office.
වර්තමානය වන විට කලාප අධ්‍යාපන කාර්යාල,අධ්‍යාපන සංවර්ධන මෙන්ම කළමනාකරණ ඒකක ලෙස බලගන්වා ඇත.ඒ අනුව කලාප අධ්‍යාපන
කාර්යාල ශක්තිමත් ඒකකයක් ලෙස පවත්වාගෙන යාම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස ශ්‍රී
ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කරන ලදී. ඒ අනුව රත්නපුර
කලාප අධ්‍යාපන කාර්යාලය 1996 මාර්තු මස 26 වන දින රත්නපුර ගැටන්ගම ප්‍රදේශයේ
ආරම්භ කළ අතර එම්. විජයදාස මහතා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට පත්විය.ඉන්පසු
පිළිවෙලින් ඩබ්ලිව්.එම්. ගුණතිලක, ඩබ්ලිව්.ඒ.
වනිගසේකර, එස්. කාරියවසම්, පී. තේනබදු, එම්.වී.ජයසිංහ, එම්. සිරිපාල,
කේ.එල්.
හේමරත්න, ජී. රාජදාස යන මහත්වරුන් කලාප අධ්‍යක්ෂ
ධූරයෙහි කටයුතු කර ඇත. වර්තමානයේ අප කලාපයේ කලාප අධ්‍යක්ෂ ලෙස ශාන්ති විජේසිංහ
මහත්මිය කටයුතු කරන අතර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරු පස්දෙනෙකු හා සහකාර අධ්‍යාපන
අධ්‍යක්ෂවරු එකොලොස් දෙනෙකුගෙන් සවිමත් වී ඇත. රත්නපුර කලාපය තුළ කොට්ඨාස කාර්යාල
පහක් ස්ථාපනය කර ඇත. වර්තමානයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අනුකූලව සබරගමුව පළාතේ
අධ්‍යාපන ලේකම් හා සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ මග පෙන්වීම මත අප කලාපය ක්‍රියාත්මක
වනු ලැබේ.
D - Direction - Where we
are heading ? වර්තමානයේ ආයතනය
ගමන් කරන දිශාව
අධ්‍යාපන පරිපාලනය හා කළමනාකරණය ප්‍රාදේශීය
මට්ටමින් පවත්වා ගැනීමෙහි ලා රත්නපුර කලාප අධ්‍යාපන කාර්යාලයට හිමිවන්නේ අද්විතීය
ස්ථානයකි. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරන ප්‍රතිපත්ති වලට අදාළව විවිධ ක්‍රියාකාරකම්
සංවිධානය, විෂයමාලා ක්‍රියාත්මක කිරීම, සම්පත් බෙදාහැරීම, විභාග කටයුතු, අධ්‍යාපන සංවර්ධනය, මූල්‍ය කළමනාකරණය, කලාපීය මට්ටමේ අධ්‍යාපන සැලසුම්කරණය
ආදී සුවිශේෂී කාර්යභාරයන් රාශියක් කලාප අධ්‍යාපන කාර්යාලවලට පැවරී ඇත. එබැවින්
කලාප අධ්‍යාපන කාර්යාලය අධ්‍යාපනයට සම්බන්ධ සියලු ප්‍රජාවටම සේවා සපයන ආයතනයකි.
අප කාර්යාලයේ දැනට පවතින සංවිධාන ව්‍යුහය
ඉහත පරිදි වේ. ප්‍රාදේශීය හා ජාතික වශයෙන් අධ්‍යාපන පද්ධතිය වෙත සේවා රාශියක් ඉටු
කිරීම සඳහා අප කලාප අධ්‍යාපන කාර්යාලයේ අංශ කිහිපයක් වෙන් කර තිබේ. අධ්‍යාපන
පද්ධතියේ සියලුම ස්ථර වෙත තෘප්තිමත් සේවයක් ලබාදීම සඳහා ආයතනයේ රාජකාරි විධිමත්
ලෙස මේ ආකාරයට බෙදා ඇත.
The present organizational structure of our
office is as above. We have set aside several divisions of the Zonal Education
Office to provide a range of services to the education system both regionally
and nationally. The duties of the institution are formally divided in this way
to provide satisfactory service to all levels of the education system.
අධ්‍යාපන පරිපාලන අංශය
· අප කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් බල ප්‍රදේශයේ
සියලුම පාසල්වල සියලුම පාසල්වල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් උපදෙස් හා අවශ්‍ය
මැදිහත්වීම සිදු කිරීම.
· පාසල් ක්‍රියාත්මක කරන විශේෂ හා අතිරේක
වැඩසටහන් සඳහා අනුමැතිය ලබා දීම.
· රජයේ විභාග පැවැත්වීම.
· පාසල්වල දේපල හා භෞතික සම්පත් පිළිබඳව ක්‍රියා
කිරීමේ නෛතික වගකීම් දැරීම.
Education Administration Division
• Providing advice and necessary
intervention regarding the administrative affairs of all schools in all schools
in the jurisdiction of our Zonal Education Office.
• Approving special and additional programs
implemented by schools.
• Conducting government examinations.
• Having legal responsibilities to act on
property and physical resources of schools.
අධ්‍යාපන සංවර්ධන අංශය
· කලාපයේ සිසුන්ගේ අධ්‍යාපන තත්ත්වය ගුණාත්මක ලෙස
පවත්වා ගැනීම.
· පාසල්
විෂයමාලාවට අදාළ සියලුම විෂයය සංවර්ධනයට අවශ්‍ය කාර්යයන් සිදුකිරීම.
· සිසුන්ගේ සාධන මට්ටම් අධ්‍යයනය කරමින් පාසල්
පද්ධතිය වෙත අධ්‍යාපන සංවර්ධනය සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම.
· පාසල් වාර පරීක්ෂණ, ප්‍රතිඵල විශ්ලේෂණ, ගුරු සංවර්ධනය, විෂයානුබද්ධ තරඟ, ශිෂ්‍ය සාධනය ඉහළ නැංවීම සඳහා විවිධ
වැඩසටහන් සිදු කිරීම.
· පාසල් වල අධ්‍යාපන ගුණාත්මක තහවුරුව සඳහා ද
වගකීම දැරීම .
Education Development Division
• To maintain the quality of education of
students in the Zone.
• Carrying out all the tasks related to the
development of the subject related to the school curriculum.
• Conducting necessary intervention for
educational development to the school system by studying the achievement levels
of the students.
• Conducting various programs to improve
school term tests, results analysis, teacher development, subject competitions,
student achievement.
• Being responsible for ensuring the
quality of education in schools.
අධ්‍යාපන සැලසුම් අංශය
· අධ්‍යාපන කලාපයට අයත් පාසල් හා අනෙකුත් අධ්‍යාපන
ආයතන වල මානව හා භෞතික සම්පත් පිළිබඳ සංඛ්‍යාත්මක විස්තර හා තොරතුරු පවත්වාගනිමින්
අවශ්‍ය පරිදි භාවිත කිරීම හා බෙදා හැරීම, විශ්ලේෂණය කිරීම.
· අධ්‍යාපන සංවර්ධන, පාසල් පරිපාලන කාර්ය මෙන්ම කලාප අධ්‍යාපන
කාර්යාලීය පරිපාලනයට සම්බන්ධ ක්‍රියාකාරී සැලසුම් හා ඇස්තමේන්තු සකස් කිරීම..
· කලාපයේ
මූල්‍ය ආධාර ව්‍යාපෘති අධ්‍යාපන පර්යේෂණ කාර්යය සම්බන්ධීකරණය සඳහා දායක වීම.
Education Planning Division
• Maintain numerical details and information
about human and physical resources of schools and other educational
institutions belonging to the education zone and use and distribute and analyze
as needed.
• Preparation of action plans and estimates
related to educational development, school administration functions as well as
regional education office administration.
• Contribute to the coordination of
financial aid project education research work in the Zone.
ආයතන හා
පාලන ශාඛාව
· අධ්‍යාපන සංවර්ධනය, පාසල් පරිපාලනය හා සැලසුම්කරණය යන
ක්ෂේත්‍රවල
ප්‍රශස්ත යාන්ත්‍රණය පවත්වා ගැනීම සඳහා කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.
· කලාපය
තුළ කාර්ය මණ්ඩල පත්කිරීම්,
ස්ථාන
මාරු කිරීම, නිදහස් කිරීම, විශ්‍රාම ගැන්වීම යන කටයුතුවලට හා
ඔවුන්ගේ සේවාවලට අදාලව උද්ගත ආයතනික කටයුතු සියල්ල පරිපාලනය කිරීම.
Institutions and Administration Branch
• Provide necessary facilities for staff to
maintain optimal mechanism in the areas of educational development, school
administration and planning.
• Administration of all outstanding
corporate affairs related to staff appointments, transfers, discharges,
retirements and their services in the Zone.
මූල්‍ය අංශය
· ආයතනයෙන් ඉටුවන සියලුම මූල්‍ය ආකාරයේ සේවාවන්
විධිමත්ව සිදු කිරීමට සඳහා අවශ්‍ය මූල්‍ය කළමනාකරණය සිදු කිරීම.
· අධ්‍යාපන සංවර්ධන සැලසුම් නිසි පරිදි ක්‍රියාවට
නැංවීම උදෙසා මූල්‍ය සේවා සැපයීම.
· කලාපයට අයත් සියලුම කාර්ය මණ්ඩලවලට වැටුප්
ගෙවීම් හා විවිධ මූල්‍ය සේවා සැපයීම.
· ආයතනික වශයෙන් සිදු කරන භාණ්ඩ හා සේවා මිලදී
ගැනීම් සහ විවිධ කාර්යන් සඳහා ප්‍රතිපාදන සැපයීම.
· ගණකාධිකාරිවරයෙකුගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ
පාලනය වන මෙම ශාඛාව මූල්‍ය කටයුතු සම්බන්ධ වාර්තාකරණය හා මූල්‍ය සේවා සැපයීම
සිදුකරයි.
Financial sector
• Carrying out the necessary financial
management for the proper execution of all financial services performed by the
institution.
• Providing financial services for the
proper implementation of educational development plans.
• Providing salary payments and various
financial services to all staff belonging to the Zone.
• Procurement of goods and services
undertaken by the organization and providing provision for various functions.
• Controlled under the guidance and
supervision of an accountant, this branch provides financial reporting and
financial services.
රත්නපුර කලාප අධ්‍යාපන කාර්යාලය අධ්‍යාපනයේ ප්‍රතිලාභීන්ට වඩාත් සමීප, කාර්යක්ෂම හා ඵලදායී පුමුඛ ආයතනයක් බවට පත්ව ඇත.
The Ratnapura Zonal Education Office has
become an efficient and effective agency that is closer to the beneficiaries of
education.
රත්නපුර කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ
කොට්ඨාස අධ්‍යාපන කාර්යාල පහක් ස්ථාපනය කර ඇත. රත්නපුර, ශ්‍රීපාද, පැල්මඩුල්ල, කුරුවිට හා ඇහැලියගොඩ ලෙස එම කාර්යාල
නම්කර ඇත. රත්නපුර අධ්‍යාපන කලාපයේ පාසල් 192ක්
පවතින අතර එම පාසල්වල සේවය කරන මුළු ගුරුවරුන් සංඛ්‍යාව 4984ක් පමණ වේ. ශ්‍රේණිධාරී විදූහල්පතිවරු 154ක් සිටින අතර පාසල්වල ඉගෙනුම ලබන මුළු
සිසුන් සංඛ්‍යාව 87,521 ක් පමණ වේ.
Five Divisional Education Offices have been
established under Ratnapura Zonal Education Office. The offices are named as
Ratnapura, Sripada, Pelmadulla, Kuruvita and Aheliyagoda. There are 192 schools
in Ratnapura education zone and the total number of teachers working in those
schools is about 4984. There are 154 graded principals and the total number of
students studying in the schools is about 87,521.
The following table shows the number of
students according to the type of school.
කොට්ඨාස
අනුව ගුරු සිසු අනුපාතය පහත වගුවෙන් දැක්වේ.
The table below shows the teacher-student ratio according to divisions.
කලාප
අධ්‍යාපන කාර්යාලය තුළ සේවය කරන නිළධාරීන් සංඛ්‍යාව පහත වගුවෙන් දැක්වේ.
The following table shows the number of officers working in the Zonal Education Office.
ශ්‍රී ලංකාවේ ජාතික විභාගවලින් අප කලාපය ලබා
ඇති සමත් ප්‍රතිශතයන් පහත පරිදි වේ.
The pass percentages obtained by our region in the national examinations of Sri Lanka are as follows.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (කඩඉම සමත්)
Grade 5 Scholarship Examination (Cut-off)
භෞතීය විද්‍යා, ජීව විද්‍යා, කලා, වානිජ, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය හා පොදු විෂය ධාරාව යටතේ සිසුන් උසස් පෙළ විභාගයට
මුහුණ දෙයි.
Students face the A-level examination under
the streams of Physical Science, Life Science, Arts, Commerce, Biosystems
Technology, Engineering Technology and General.
මීට අමතරව දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන ක්‍රියාවලිය අප කලාපයේ පාසල් 10ක ක්‍රියාත්මක වේ. කුරුවිට සහ පැල්මඩුල්ල කොට්ඨාසවල තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථාන (ITDLH) දෙකක් පවතී.ඇහැලියගොඩ කොට්ඨාසයේ ප්‍රාදේශීය ඉංග්‍රීසි ආධාරක මධ්‍යස්ථානයක් (RESC) ඇත.
In addition, the thirteen-year continuous
education process is implemented in 10 schools in our Zone. There are two
Information Technology and Distance Learning Centers (ITDLH) in Kuruvita and
Palamadulla Divisions. There is a Regional English Support Center (RESC) in
Aheliyagoda Division.
O - Outcome Desire -
Where do we want to be ? අප යා යුත්තේ
කොතැනකටද?
රත්නපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ දැක්ම
වන්නේ “විශිෂ්ට සේවාව තුළින් ගුණාත්මක අධ්‍යාපනයේ ප්‍රමුඛතාවයට” යන්නයි.
The vision of Ratnapura Zonal Education
Office is "to prioritize quality education through excellent
service".
Our mission is "to provide
satisfactory and effective service to all who contribute to create a man full
of quality education who can overcome the global challenges by optimally
managing the available resources".
ඉහත සඳහන් දැක්ම හා මෙහෙවර ඔස්සේ ගමන් කරමින් පහත සඳහන් අරමුණු ඉටු කර ගැනීමට අප කාර්යාලය වර්තමානයේ කටයුතු කරමින් සිටී.
Our office is currently working to achieve the following goals by moving along the above vision and mission.
1. කලාපීය සමස්ත ආයතන පද්ධතිය සඳහා සියලු
භෞතික සම්පත් අවශ්‍යතා සපුරාගැනීම.
2. මානව සම්පත් අවශ්‍යතා සඳහා සුදුසුකම්
සහිත කාර්ය මණ්ඩලයක් 2025 දී සපුරාගැනීම.
3. 2025 වන විට තෘප්තිමත් වූ සේවාලාභීන්
පිරිසක් හා කාර්ය මණ්ඩලයක් නිර්මාණය කිරීම.
4. ජාතික මට්ටමේ විභාගවලින් ප්‍රමුඛ කලාප
කාණ්ඩයට ඇතුළත් වීම.
5. 2025 දී සැමට අධ්‍යාපනයේ ප්‍රතිලාභ සකස්
කරදීම.
6. අධ්‍යාපනික ප්‍රජාව සදාචාරවත් හා
විනයගරුක පිරිසක් ලෙස කටයුතු කිරීම.
7. විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලින්
පෝෂිත පාසල් පද්ධතියක් නිර්මාණය කිරීම.
8. සේවා සැපයීමේ දී ගුණාත්මකභාවය හා
විශ්වාසනීයත්වය වැඩි දියුණු කිරීම තුළින් යහපත් ප්‍රජා සම්බන්ධතා ගොඩනැගීම.
9. ගෝලීය තිරසාර පැවැත්ම උදෙසා භෞතික,මූල්‍ය හා මානව සම්පත් මෙහෙයවීම.
10. ප්‍රජාව සමඟ සියලුම ආකාරයේ සන්නිවේදන
කටයුතු සඳහා අන්තර්ජාල ක්‍රමෝපායන් භාවිතා කිරීම.
1. Meeting all physical resource
requirements for the entire regional institutional system.
2. Meeting human resource needs with a
qualified workforce by 2025.
3. Creating a satisfied client base and
staff by 2025.
4. Admission in the leading zone category
in national level examinations.
5. Aligning the benefits of education for
all in 2025.
6. To make the educational community a
moral and disciplined group.
7. To create a school system nourished by
co-curricular and extra-curricular activities.
8. Building good community relations
through improving quality and reliability in service delivery.
9. Directing physical, financial and human
resources for global sustainability.
10. Using Internet strategies for all forms
of communication with the community.
At present, our regional education office is working to achieve the above vision, mission and objectives by fulfilling the roles and responsibilities related to education planning, education quality development, education administration, general governance/institutional affairs and financial affairs.
අප කලාප අධ්‍යාපන කාර්යාලය යා යුත්තේ
කොතැනටදැයි අපේක්ෂිත ඉලක්ක පහත දැක්වේ.
Ø ප්‍රසිද්ධ විභාගවලදී සමත් ප්‍රතිශතය
ජාතික මට්ටම අභිබවා යාම.
Ø සෑම පාසලකටම අන්තර්ජාල පහසුකම්,සුහුරු පන්ති කාමර හා පරිගණක පහසුකම්
ලබා දීම.
Ø පාසල්වල භෞතික සම්පත් ඌනතා (ලී බඩු,වැසිකිලි,ගොඩනැගිලි) සම්පූර්ණ කර ගැනීම.
Ø ක්‍රමවත් ගුරු ස්ථානමාරු ක්‍රමයක් ස්ථාපිත
කිරීම.
Ø ගුරු සෙවන විවෘත ශාලාව සංවර්ධනය කිරීම.
Ø කලාප අධ්‍යාපන කාර්යාල සංකීර්ණය වායු
සමනය කිරීම.
Ø පාසල් පද්ධතිය තුළ සෑම විෂයකටම අදාළ ප්‍රාග්ධන
හා පාරිභෝගික උපකරණ,ද්‍රව්‍ය සපයා දීම.
Ø කලාප අධ්‍යාපන කාර්යාලය සඳහා අවශ්‍ය වන
සියලුම ආකාරයේ මානව සම්පත් අවශ්‍යතා සපුරා ගැනීම.
Ø සේවය ලබා ගැනීම සඳහා පැමිණෙන
සේවාලාභීන් වෙනුවෙන් සුභසාධක පහසුකම් වැඩිදියුණු කිරීම.
Ø අභ්‍යන්තර කාර්ය මණ්ඩල සුභසාධක සංගමය
අඛණ්ඩ ව හා විධිමත් ව පවත්වා ගෙන යාම.
Ø රේඛීය අමාත්‍යංශය හා පළාත් අධ්‍යාපන
අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ
අණපනත් හා විවිධ නියෝගවලට අනුගතව කටයුතු මෙහෙයවීම.
Ø කලාපයේ සියලුම
සිසුන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන බවට සහතික වීම.
Ø අධ්‍යාපන කලාපය තුළ පාසල් යා යුතු වයසේ
සිටින සියලු ම සිසුන් සඳහා සම සාධාරණ ප්‍රවේශ අවස්ථා ලබාදීම සහතික වීම.
Ø සම්මත ප්‍රතිමානවලට අනුගතව, විෂමතාවයකින් තොරව භෞතික හා මානව
සම්පත් සම්පාදනය හා කළමනාකරණය කිරීම.
Ø පාසල් අධ්‍යාපනය නිමකරන සියලුම සිසුන්
උසස් අධ්‍යාපන හෝ වෘත්තීය ප්‍රවේශයන් වෙත යොමු කිරීම.
Ø ගුණාත්මක අධ්‍යාපන සංකල්ප මත, නිර්දේශිත විෂයමාලාව අනුව ශිෂ්‍ය
කේන්ද්‍රිය අධ්‍යාපනය සඳහා විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් බලගැන්වීම.
Ø සෞඛ්‍ය සම්පන්න, විනයගරුක, පරිසර හිත්කාමී සහකම්පිත ශිෂ්‍යයකු
නිර්මාණය කරගැනීමට මඟ පෙන්වීම.
Ø අභිමානවත් ශිෂ්‍ය පෞරුෂ සංවර්ධනය උදෙසා
හිංසාවෙන්, ආපදාවෙන් හා අපචාරයන්ගෙන් වළක්වා
ගනිමින් ශිෂ්‍ය්‍යාගේ උපරිම ශක්‍යතාවයට ළඟාවීමට මග පෙන්වීම.
Ø අනාගත වෘත්තීය අපේක්ෂාවන් ජයග්‍රහණය
කරමින්, ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය
ගොඩනගා ගතහැකි විශ්වීය පුරවැසියකු ගොඩනඟාගැනීම සඳහා අවශ්‍ය නිපුණතාවය ශිෂ්‍යයාට
ලබාදීම සහතික වීම.
Below are the expected goals of where our
Regional Education Office should go.
Ø
Pass
percentage in public examinations surpassing the national level.
Ø
Providing Internet facilities, friendly
classrooms and computer facilities to every school.
Ø
Completing
the lack of physical resources (wooden furniture, toilets, buildings) in
schools.
Ø
Establishment of a systematic teacher transfer
system.
Ø
Development
of teacher shade open hall.
Ø
Air
Conditioning of Zonal Education Office Complex.
Ø
Providing
capital and consumer equipment and materials related to each subject in the
school system.
Ø
To meet
all human resource requirements for the Regional Education Office.
Ø
Improvement
of welfare facilities for the clients who come to avail the service.
Ø
Continuous
and regular maintenance of internal staff welfare association.
Ø
Conducting
activities in accordance with the circular orders and various orders issued by
the line ministry and the provincial education ministry.
Ø
To
ensure quality education for all students in the region.
Ø
To
ensure equal access opportunities for all students of school age within the
education zone.
Ø
Compilation
and management of physical and human resources in accordance with standard
parameters, without discrepancy. 15. Directing all school leavers to higher
education or career pathways.
Ø
Empowering
principals and teachers for student-centred education based on the concepts of
quality education, as per the recommended curriculum.
Ø
Guidance
to create a healthy, disciplined, environmentally friendly and compassionate
student.
Ø
Guidance
to reach the maximum potential of the student by avoiding violence, disaster
and abuse for the development of proud student personality.
Ø
To
ensure that the student is equipped with the necessary skills to develop a global
citizen who can build a Sri Lankan identity in the international arena, winning
future career prospects.
D - Deadline - By when do
we want to be there ? අපේක්ෂිත ප්‍රතිඵල
ළඟා කර ගන්නේ කවදාද?
ඉහත
අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීමට අපේක්ෂිත කාලසීමාවන් පහත පරිදි දැක්විය හැකිය.
v 2022 වර්ෂයේ දී ජාතික විභාගවලදී පහත සඳහන් සමත් ප්‍රතිශතයන් ළඟා කර ගැනීමට අපේක්ෂිත ය.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව - 80% අ.පො.ස.(සා/පෙළ) -75% අ.පො.ස.(උ/පෙළ) – 70%)
v 2024 වන විට සෑම පාසලකටම ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙකු පත් කිරීම.(දැනට පාසල් 192න් පාසල් 56 ක ශ්‍රේණිධාරී නොවන විදුහල්පතිවරුන් සිටිති).
v සෑම වසරක් අවසානයේ ම නවක උපාධිධාරී ගුරුභවතුන්ට වෘත්තීය පුහුණුව ලබා දීම.
v 2025 වර්ෂය වන විට ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහිත කලාප අධ්‍යාපන කාර්යාලයක් සකස් කර ගැනීම.
v 2025 වන විට ඇහැලියගොඩ, ශ්‍රීපාද, රත්නපුර, පැල්මඩුල්ල කොට්ඨාස සඳහා ක්‍රමවත් හා ප්‍රමිතිගත කොට්ඨාස කාර්යාල ලබා ගැනීම.
v ක්‍රමවත් ගුරු ස්ථානමාරු ප්‍රතිපත්තියක් සහ ගුරු තුලනයක් ඇති කිරීම තුළින් 2024 වන විට සෑම පාසලකම ගුරු පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම.
v 2023 වන විට ඵලසපිරි සංකල්පය සෑම පාසලකම ක්‍රියාත්මක කිරීම මගින් පාසලේ ඵලදායීතාවය ඉහළ නැංවීම.
v 2024 වන විට පාසල්වල භෞතික සම්පත් ඌනතා (ඩෙස්පුටු,වැසිකිළි,ගොඩනැගිලි) 80%ක් වත් සම්පූර්ණ කර ගැනීම.
v 2025 වන විට සෑම පාසලකටම අන්තර්ජාල පහසුකම්,සුහුරු පන්ති කාමර හා පරිගණක පහසුකම් ලබා දීම.
The expected timelines for achieving the above desired results can be stated as follows.
v The
following pass percentages are expected to be achieved in the national
examinations in the year 2022.
Grade 5 Scholarships - 80% GCE (S/Text) -75% GCE (U/Text) – 70%
v By 2024,
appointment of a graded principal in every school.(At present, 56 schools out
of 192 schools have non-graded principals).
v To
provide professional training to newly graduated teachers at the end of every
year.
v By the
year 2025, preparing a regional education office with sufficient space.
v By 2025,
getting systematic and standardized divisional offices for Aheliyagoda,
Sripada, Ratnapura, Pelmadulla divisions.
v To fill
up teacher vacancies in all schools by 2024 by creating a systematic teacher
transfer policy and teacher balance.
v By 2023,
to increase the effectiveness of the school by implementing the effective
concept in every school.
v Completing
at least 80% of schools' physical resource deficiencies (desks, toilets,
buildings) by 2024.
v By 2025,
providing internet facilities, friendly classrooms and computer facilities to
every school.
A - Action Steps - How
will we get there? Strategies,Resources ඒ සඳහා උපායමාර්ග,සම්පත්වල
අවශ්‍යතාව
Ø
සිසුන්ගේ සාධන මට්ටම් අනාවරණය කරගැනීම
සඳහා සෑම විෂයකටම අනාවරණ පරීක්ෂණ මගින් ලබා ගන්නා දත්ත පදනම් කරගෙන කොට්ඨාස
මට්ටමින් ප්‍රතිඵල සංවර්ධනය කිරීමේ පාසල් පොකුරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
Ø
විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත්
කැඳවා ශේණිධාරී විදුහල්පතිවරුන් පත් කර ගැනීම.
Ø
ගුරු අභිප්‍රේරණය සිදු කිරීම හා
සම්පත්දායක මණ්ඩලයක් හරහා නවක උපාධිධාරී ගුරුභවතුන්ට වෘත්තීය පුහුණුව ලබා දීම.
Ø
පළාත් සභා අරමුදල් හෝ ලෝක බැංකු ආධාර
ලබා ගනිමින් කලාප අධ්‍යාපන කාර්යාලයේ ගොඩනැගිලි,ප්‍රමාණවත් ඉඩ පහසුකම් ලැබෙන පරිදි නවීකරණය කර ගැනීම.
Øපළාත් සභා අරමුදල් හෝ ලෝක බැංකු ආධාර
ලබා ඇහැලියගොඩ,ශ්‍රීපාද,රත්නපුර,පැල්මඩුල්ල කොට්ඨාස සඳහා ප්‍රමාණවත් ඉඩ
පහසුකම් ලැබෙන පරිදි ගොඩනැගිලි නවීකරණය කර ගැනීම.
Ø
වාර්ෂික ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය
අනුගමනය කරමින් ගුරු ස්ථානමාරු හා ගුරු තුලනය සිදු කිරීම.
Ø
පළාත් සභා අරමුදල් හෝ ලෝක බැංකු ආධාර ලබා
ගනිමින් පාසල්වල භෞතික සම්පත් ඌනතා සම්පූර්ණ කර ගැනීම.
Ø
දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය
අමාත්‍යංශයෙන් ලබා දෙන ප්‍රතිපාදන භාවිත කරමින්
සෑම පාසලකටම අන්තර්ජාල පහසුකම්,සුහුරු
පන්ති කාමර හා පරිගණක පහසුකම් ලබා දීම.
Ø
Implementation
of school cluster programs to develop results at the divisional level based on
the data obtained through exposure tests for each subject to uncover the
achievement levels of the students.
Ø
Calling
for applications for principal vacancies and appointing competent principals.
Ø
Conduct
teacher motivation and provide professional training to new graduate teachers
through a resource panel.
Ø
To
modernize the buildings of the regional education office by obtaining
provincial council funds or World Bank assistance to provide adequate space and
facilities.
Ø
Modernize
the buildings so that enough space is available for Aheliyagoda, Sripada,
Ratnapura, Palmadulla Divisions with provincial council funds or World Bank
assistance.
Ø
Carrying
out teacher transfers and teacher balancing following the annual teacher
transfer policy.
Ø
Completing
the lack of physical resources in schools by getting provincial council funds
or World Bank assistance.
Ø
To
provide Internet facilities, friendly classrooms and computer facilities to
every school using the allocations provided by the State Ministry of Distance
Education Promotion.
Comments
Post a Comment